phone athal



ෆෝන් සෙක්ස් කියන්නේ ලිංගික හැගීම් විදින අංගයක් වෙලා. විශේෂයෙන් අවුරුදු 16, 17, ඉන්න සාමාන්‍යපෙළ, උසස් පෙළ හදාරණ නංගිලා මල්ලිලා තමයි මේ සදහා බොහෝ විට යොමු වෙලා ඉන්නේ.

සරලව කිව්වොත් තමන්ගේ දුරකතනයෙන් සෙක්ස් ගැන කතා කිරීමත් එකෙනිකා ස්වයං වින්දනයේ යෙදීමත් මේ අතර වෙනවා. ඒ ස්වයං වින්දනය යෙදෙන ආකාරය අනෙකා සමග සම්පේ‍්‍රෂණය කර ගැනීම බොහෝ විට මෙහිදී සිදු වෙනවා.

ඉතින් ඒක අවුල්ද ?

ඇත්තටම අපට නිශ්චිතව එය වැරදියි කියන්න බැහැ. විශේෂයෙන් අපි කලින් සදහන් කරපු වයස කියන්නේ හැගීම් අධික කාලයක්. ඒ වගේම ලංකාව වගේ රටකනම් අධික ලෙස ලිංගික පීඩනයක ඉන්න සමයක්. එත් මේ තත්වය බොහෝ විට දකින්නට ලැබෙන්නේ කිසිදු මානසික සම්බදතාවක් ගොඩනගාගෙනනම් නෙවි.

බොහෝ විට මේ චැට් කරන කවුරුත් කිසි දිනක හමු වෙන්නේ නැහැ. ඒ වගේම බොහෝ විට පාවිච්චි කරන්නේ තමන්ගේ නමට නොවුණු සිම් පතක්. ඒ වගේම එවැනි හැගීම් අවසන් වුණු ගමන් දුරකථනය කට් කරනවා කියල කියන්නෙත් නැතුව තමයි ඉහත චැට් අවසන් වෙන්නෙ. ඇත්තටම ඒ තත්වයෙන් තිබීම ආරක්ෂාකාරී. මොකද ඔය වයසේ එවැනි චැට් වලට හුරු වෙලා ඉන්න අය අනෙක් වේලාවන් වලට ඉහත දුරකථනය ඔන් එකේ තබන්නෙත් නැහැ.
එහෙනම් අවුල් මොනවද ?

1.පාඩම් කරන්න තියෙන වෙලාව විනාශ වීම.
ප‍්‍රධාන කාරණාව තමයි ෆෝන් සෙක්ස් වලට හුරු වෙලා ඉන්න අපි ඉහත සදහන් කරපු නංගිලා මල්ලිල බොහෝ විට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරණ අය වීම. මේ හුරුවීම නිසා ඔවුන්ට පාඩම් කරන්න තියෙන කාලයෙන් ලොකු වෙලාවක් විනාශ වෙනවා. ඒ වගේම දිනපතා ඉහත චැට් වලට පුරුදු වුනාම නැවත සාමාන්‍ය මානසිකත්වයට ඇවිත් පාඩම් කරන්නත් යම් වෙලාවක් ගත වෙනවා. ඉගෙනීමට ඉන් යම් බලපෑමක් ඇති කරනවා.

2.මුදල් ගරන ව්‍යාපෘති වලට හසු වෙන්න තියෙන ඉඩ කඩ.
විශේෂයෙන් මුළු දවස පුරා කාන්තාවන් යොදා ගනිමින් පිරිමින්ගෙන් මුදල් ගරා ගැනීමේ ව්‍යාපෘති ඉතා සංවිධානත්මකව ක‍්‍රියාත්මක වෙනවා. චැට් කිරීම් වැනි පටිගතකිරීම්ද මෙහිදී සිදුවනවා.

3.හමු නොවීම ඉන්න

අපි කලින් කිව්ව වගේම මේ තුල කිසිදු මානව බැදීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඇති වන කෙටි කාලීන හැගීම් කෙටි කාලීනවම අවසන් වීම තමයි වඩාත් හොද. එත් ප‍්‍රශ්නයක් ලෙස ඉතුරු වෙන්නේ සමහර චැට් හමු වෙන්නේ වෙන විශ්වාසයන් නිර්මාණය කරගෙන හමුවීම් ලෙස. හැබැයි මේ බොහෝ විශ්වාසයන් ව්‍යාජයි. ඒ නිසා ජීවිත් විනාශ වීම දක්වා ඛේදාවාචක අපි දැකල තිබෙනවා.
4.පුරුද්දක් කර ගන්න එපා


දෛනික ජීවිතේ පුරුද්දක් බවට එය පත් කර ගැනීම තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතා සමගත් බිරිද ස්වාමියා සමගත් ප‍්‍රශ්න ඇති වෙන මට්ටමක් වෙන්න පුළුවන්. එත් සෙක්ස් චැට් වෙන්නේ තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය සමගනම් එහි කිසිදු ප‍්‍රශ්නයක් නැහැ. - ීැැ පදරු ්එථ යඑඑචථරැුරැුඅඅඅගපමඑයමචසබසගිසඑැරැුබැඅි_පදරුගචයච?සාු9551ඃිඑය්ියගනකණඞැශ්ශගාචමෙ
phone athal phone athal Reviewed by liyanna on 8:01:00 PM Rating: 5
Powered by Blogger.