''ආදරය'' අපි හැමෝම හොයනවා, සමහර අයට සැබෑ ආදරේ හම්බවෙනවා, ඔවුන් සතුටින් ජීවත් වෙනවා, ඒ අතරේ ආදරේ හොයන්න ගිහින් සමහර හෙම්බත් වෙනවා, ලෝකේ නැති ප්‍රශ්න ජීවිතේට එකතු වෙනවා. ඒත් එක්කම ඉන්න බෑ කියලා හිතලා ඒ අය වැරදි තීරණ අරන් ජීවිතේ එපා කියනවා. අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.
මේ ආදර කතාවේ කතා නායිකාව රුවනි. ඇයටත් හිත පුරා ආදරේ කරන්න කොල්ලෙක් හිටියා. හැබැයි ඔහුව ඇස් දෙකෙන්වත් දැකලා නැති වුනත් ඔවුන් දෙදෙනාගේ ආදරේ හදවතට ලංවෙලා තිබුණේ වයිබර් ගිණුම නිසා.
මොකද ෆේස්බුක් එකෙන් හම්බවුණු රුවනිගේ පෙම්වතා හිටියේ ජපානයේ. ඔහුගේ නම ඩිෂාන්. රුවනිගේ වයස අවුරුදු 25ක්. ඇය සිය මව, එකම අයියා හා එකම නංගී සමඟ මාදම්පේ, ජයරත්නගම කුලී නිවෙසක ජීවත්වෙලා හිටියේ. ඒ වගේම ඇය හලාවත නගරයේ ඇති පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක රසායනාගාර ශිල්පිනියක විදියට සේවය කළා.
මෙම පවුලේ කට්ටිය කලින් වාසය කර ඇත්තේ ඔවුන්ගේ පියාගේ ගම වන ගල්මුරුව, පල්ලේකැලේ ප්‍රදේශයේය. තාත්තා කුලියාපිටිය පැත්තේ බැංකුවක නිලධාරියකුව සේවය කරද්දී මව සැමියාගෙන් වෙන්වී වසර අටකට පමණ කලින් දරු තිදෙනා සමඟ මාදම්පේ ජයරත්නගම කුලී ගෙයක පදිංචියට පැමිණ ඇත. සැමියාට එම ගෙය තහනම් කලාපයක් විය.
මේ සියල්ල අතර රුවනිගේ ආදරයට මාස 3ක් ගත විය. ඇය නිතරම පාහේ සිටියේ දුරකථනයට දෑස යොමාගෙනය. මන්ද ඇයගේ ජීවිතයේ පණ කෙන්ද ඇත්තේ එහි බව ඇය වටහාගෙන තිබුණි. ඒ තරමට ඇය ජපානයේ සිටි ඩිෂාන්ට ආදරය කළාය.
අක්කා නිතර ආදරය පළ කෙරෙන සින්දු කෑලි මුමුනනු නංගි රශ්මිට ඇසී ඇත. හේතුව විමසූ විට රුවිනි අක්කා ජපානයේ ඉන්න ඩිෂාන් ප්‍රනාන්දු නමැති අයියා කෙනෙක් තමන්ට ආදරය කරන බව කියා ඇත. ඇත්තටම නංගිටත් එය සතුටුදායක පුවතකි. අක්කාගේ සතුට නංගිගේ සතුටය. ඒ ඔවුන් පුංචි සන්ධියේ පටන් එකට බැඳී ජීවත්වූ නිසා විය යුතුය. කාලය සෙමින් සෙමින් ගෙවී ගියේය.
ගතවූ දින කිහිපය තුළ අක්කාගේ සතුට අතුරුදන්ව ගොසිනි. ඇය නිතර කඳුළු සලන බව නංගි බොහෝ විට දැක ඇත. ඇගේ මුවේ රැඳුණු ලයාන්විත සින්දු අතුරුදන්ව ඇත. දුටුවන් ඇද ගන්නා මන බඳින රුවකට උරුමකම් පෑ ඇගේ රුව අවපැහැ ගැන්වී ඇත.
ජපානයේ සිටි ඩිෂාන් රුවනිගේ ආදර එපා කීවේ හිතපුරා පෙම් කරන්නට හදවත පුරා ඉඩ ඉතිරිකරගෙන සිටි රුවනිගේ හිත පසාරු කරමින්ය. ඇයට මෙය දරාගැනීමට කොහෙමත්ම හයියක් නොවීය.
පසුගිය 30 වැනි දින රුවිනි තම ස්කූටියේ නැඟ ගෙදරින් පිටව ගියාය. අම්මා රස්සාවට ගොසිනි. නංගිට විහිළුවක්ද කරමින් අක්කා යන හැටි නංගි රශ්මි බලාගෙන සිටියාය. ඇය ගොස් ඇත්තේ තම හිතවත් වෛද්‍යවරියක මුණගැසෙනු පිණිසය.
තමන් පෙම් බැඳි තරුණයා අහක බැලුවේ නම් තවදුරටත් ඔහු වෙනුවෙන් කඳුළු සැලීම හෝ බලාපොරොත්තු තබා ගෙන සිටීම අනුවණ කටයුත්තකි. වෛද්‍යවරිය හිතවතියක ලෙස රුවිනිට දන්වා ඇත. පසුව රුවිනි යළි ගෙදර පැමිණ ඇත. ඇය කෙළින්ම සිය කාමරයට ඇතුළු වූවාය. ඒ වන විට නංගි රශ්මි පොතක් කියමින් ඉස්තෝප්පුවේ සිට ඇත. ටික වේලාවක් ගත වන විට අක්කාගේ කාමරය තුළින් යම් හඬක් ඇසී වහා ඒ කුමක්දැයි ඇසූ විට අක්කා කාමරයේ අල්මාරියක් මත සිටිමින් නංගි සතෙක් ඉන්නවා. මම මේ පන්නනවා කියා ඇත. අක්කා පුටුවක් තියා අල්මාරිය මතට නැඟ ඇත. ඊට සුළු වේලාවකට පසු යළි අක්කා ගැන බලන්න කාමරයට එබී බැලූ විට රශ්මි කාමරය තුළ කලිසමක් එල්ලෙමින් තිබෙනු දැක බියට පත්ව වහාම දුවගොස් අල්ලපු ගෙදර ඇන්ටිට කියා ඇය සමඟ විත් ඒ කුමක්දැයි බලා ඇත. දුටු දෙයින් රශ්මි සිහි විසඥව වැටී ඇත. රුවනි සාරියක් වහලේ පරාලයක බැඳ ගෙල වැලලාගෙන මියගොසිනි.
එලෙස රුවනි නොදුටු පෙම්වතෙකු වෙනුවෙන් ජීවිතය එපා කීවාය. එය ආදර බව ඇතැමුන් පැවසුවත් මෙය මෝඩකමයි තවකෙකු තර්ක කරන්න විය. ඒ මේ අත ඇසුණු කතා අතරින් රුවනි නික්මයන්නට පෙර ඇයගේ ෆේස්බුක් ගිණුමේ මෙවන් දෙයක් පළකර තිබුණි.
''එයාට මගේ ආදරේ තේරිලා මාව හොයාගෙන ආපු දවසක මං මේ ලෝකේ හිටියේ නැතිනම්.... අනේ එයාට කියන්න මං එයාට ගොඩාක් ආදරේ කළා කියා. ආදරෙයි අහස තරම්''
‘‘මංඑයාට ගොඩක් ආදරේ කළා කියන්න.. ආදරෙයි අහස තරම්‘‘ කියා ජීවිතයෙන් සමුගත් ආදරණීය පෙම්වතියක් - Photos
Reviewed by liyanna
on
9:40:00 PM
Rating: